රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරුනා.

ගුවන් හමුදා ”හෙරළි පෙරළි” නමින් මෙම වැඩසටහන දියත් කෙරෙනවා.

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරෙනවා.

කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු ”ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිලිගන්වුනා.

WhatsApp Group

Skip to content