ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් චීනවරාය ගුවන් හමුදා  කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ගුවන් යානය චීන වරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇත්තේ අද (07) උදෑසන 11.27ට පමණයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියා.

WhatsApp Group

Skip to content