ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පුහුණු පාසැල වන ශ්‍රී ලන්කන් ඒවියේෂන් කොලේජ් හි අධ්‍යාපන කටයුතු දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල සිසුන්ටත් සහභාගී විය හැකි පරිදි එම පළාත් වලද ස්ථාපිත කර තිබෙනවා.
 ඒ අනුව එම පාසැලේ ශාඛා දෙකක් යාපනය සහ කල්මුණේ ප්‍රදේශයේ පිහිටුවීමට පියවර ගැනුනා.
මේ මගින් එම ප්‍රදේශ වල පදිංචි සහ රැකියා වල නිරත සිසුන්ට පහසුවෙන් , එම ප්‍රදේශ වල සිටම මෙම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා .
මෙම පාසැල වසර 34 ක සිට  ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ යුරෝපීය ගුවන් සේවා ආයතන ඇතුළු තවත් ගුවන් සේවා ආයතන පිළිගනු ලබන පාඨමාලා තුළින් සහතික පත් පිරිනමමින් සිටිනවා .
දැනට මෙම ගුවන් සේවා පාසැල කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර තිබෙන අතර ඉදිරියේදී  මෙම පාසැලේ අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සදහා ශ්‍රී ලංකාව පුරා පුහුණු පාසැල් විවෘත කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content