ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2023 ජුනි 20 දින රාත්‍රී 08.20 ට සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල් 470 දරන ගුවන්යානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.
ගුවන්යානය ගුවන්ගත කිරීමට නියමිතව සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීපවූ අතර ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් ඊයේ දිනය වනතුරු ඒ වෙනුවට වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මේ ආකාරයට ගුනවන් යානය ප්‍රමාදවීම නිසා ඇතිවූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටිනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස ප්‍රශ්න කර සිටියා.

https://www.vnews.lk/storage/2023/06/DAYASIRI-EDIT-.mp3?_=1

ඊට පිළිතුරු ලබා දෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ මෙම ගැටළුවට තාවකාලික විසදුමක් ලබා දීමට කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/06/MANUSHA-EDIT-1-2.mp3?_=2

WhatsApp Group

Skip to content