කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති  භාණ්ඩ සොරා ගත්  ගුවන් තොටුපොළ  ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන  තිබේ .
 මොහු මීගමුව , තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරන්නෙකි .i
මොහු ඉකුත් 09/23 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු , ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය වෙත රහසිගතව ඇතුළු වී , එහි තිබූ ගමන් මලු හොරෙන්  විවෘත කර , ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකාරය , එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබේ .
මෙම කැමරා දර්ශන නිරීක්ෂණය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ලබා දීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

WhatsApp Group

Skip to content