අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇද වැටුණු තරුණයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ රාත්‍රීයේ මෙම තරුණයා ඇද වැටි ඇති අතර එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර් රථයක ඔහු ගැටී ඇති බව සඳහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි
තරුණයෙක්.

අනතුරින් මෝටර් රථයට ද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන් සියදිවි නසාගන්නා බවට ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content