රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ නිවාස සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

යුක්රේනයේ බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ හමුදාව නොමැති අතර, සිවිල් වැසියන් පමණක් සිටින බවයි.

ඒ අනුව ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්වූ සියලු පුද්ගලයන් එම ප්‍රදේශයේම පදිංචි සමස්ථ ජනගහනයෙන් සියයට 20ක් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content