2021 දෙසැම්බර් 31වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් මෙම මස12 වන දින විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

 යම් ගුරුභවතකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ යුතු බවයි එම  අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් සදහන් කළා.

 අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙනු  බවයි ප්‍රකාශ ක‍ළේ.

WhatsApp Group

Skip to content