ගුරු වෘත්තිය සමිති අද දින දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා.

පසුගිය 24 වන දා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුරදි පොලිසිය විසින් ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එහිදි විරෝධතා දැක්වූ ගුරු වෘත්තිය සමිති සංගම්වල කිහිපදෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර එලෙස ප්‍රහාරයට ලක් වූ ගුරු සංගම්වලින් ඊයේ දින විශේෂ නිවේදනයක් මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පිරිසගෙන් සමාව අයැද සිටියා.

කෙසේ වෙතත් අද පස්වරු 1.30 ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content