ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

මේ සදහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සදහන් කළා.

WhatsApp Group

Skip to content