ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අද දිනය තුළ ද වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ඊයේ සිය උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන්ට විරෝධය දැක්වීම සදහා අද වැඩවර්ජනයක නිරත වන බවයි.

ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වු ගුරු- විදුහල්පති වෘත්තිය සමිති කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.

එහිදී පොලිසිය විසින් ඊට එක්ව සිටි පිරිස් විසුරුවා හැරීම සදහා අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

 

WhatsApp Group

Skip to content