ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේ.

ඒ අනුව ලබන 12 වැනිදා සහ 26 වැනිදා සිය අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් වර්ජනයක නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content