ගුරුවරුන් සේවයට පැමිණෙන තුරු පාසලේ දරුවන් රැකබලා ගැනීම මෙන්ම පාසල ආරම්භ කිරීමේ කටයුතු දෙමව්පියන්ට පැවරී ඇති පන්ති රැසකට වසර කිහිපයකින් උගන්වා නැති අපූරු පාසලක් පිළිබඳ තොරතුරු ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවේ.

විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පැමිණීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමේදී මාධ්‍යවේදීන් කලින් දැනුවත් කර පාසලට පැමිණෙන්නේ නම් ගුරුවරුන් කලින් ගෙන්වා ගැනීමට හැකි බව කියයි.

ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය.

පාසැලේ දරුවන් බොහෝ දෙනකු පාසැල් නොපැමිණෙන බවත් වහාම මෙම පාසලට බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි දෙමව්පියෝ ඉල්ලා සිටිති.

WhatsApp Group

Skip to content