ගුරු වැටුප් විෂමතාවය සදහා විසදුමක් ලබානොදුනහොත් සමස්ත පාසල් පද්ධතිය ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහා ගුරු වෘත්තිය සමිති කිහිපයක් සමග මුදල් අමාත්‍යංශයට අද පැමිණි අවස්ථාවේදියි.

ගුරු වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙකක වැටුප් කොටස ලබාගැනීම, විභාග ඇගයීම් ගාස්තු වැඩිකිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ගුරු වෘත්තිය සමිති කිහිපයක් සාකච්ඡාවක් සදහා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශය වෙත පැමිණ සිටියේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2024/03/JOSHAP-STALIN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content