මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්යේ “මෝහිනී ඇල්ල” අසල ලක්ෂපාන තේවතුයායේ ගිලා බැස නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්වයක තිබූ කන්ද නව තාක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවති.

වර්ෂාධික අවස්ථාවල වසර ගණනක් තිස්සේ  වරින් වර නාය යෑම හෙතුවෙන්  මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය‍ෙ ලක්ෂපාන තේවතුයායේ මීටර් 150 ක් පමණ කොටසක් අවදානමට ලක්ව තිබෙනවා

සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගය වසා දමා විකල්ප මාර්ගයක් ලෙස ලක්ෂපාන තේවතුයාය මධ්‍යයෙන් ඇති පටු මාර්ගයෙන්සැහැල්ලු වාහන පමණක් මාස කීපයක් ධාවනය කිරීමට සලසා තිබුණි.

ශ්‍රීපාද වන්දනාකරුවන් රැගත් බස් හා වෑන් රථ  දහස් ගණනක් නල්ලතන්නිය බලා  වසරක් පාසා  ධාවනය කරනු ලබන්නේ මෙම  නාය යෑමට ලක්වූ ස්ථානයෙනි.

ජාතික ගොඩනැඟිලි  අධීක්ෂණය යටතේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මගින් මෙම කඳුයායේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය.

මාස 08 ක පමණ කාලයක් මෙම ඉදිකිරීම් සඳහා ගතවී ඇති බවත්, මේ සඳහා රුපියල් මිලියන 277 ක පමණ මුදලක් වැය වී ඇති බවත් ඉදිකිරීම් සමාගමේ නිලධාරියෙක් පැවසුවා.

WhatsApp Group

Skip to content