2023 වසරේ දී අපිට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපිටම නිපදවා ගැනීමට හැකි වූ බවත් පසුගිය අවුරුද්ද පුරාම රටේ ජනතාව අනුභව කළේ අපේ ගොවි ජනතාව නිපදවන ලද සහල් බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා
පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (01) ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.

අප්‍රේල් මස 06 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී 57වන වරටත් පැවැත්වෙන 2024 අලුත් සහල් මංගල්‍යය සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සහල් එකතු කිරීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ඊයේ සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content