ග්‍රීසියේ ගිනි නිවීම සදහා යොදාගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ග්‍රීසියේ පැතිර යන ලැව් ගිනි නිවා දැමීම සදහා කටයුතු කරමින් සිටියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි ගුවන් නියමුවෙකු සහ 27 හැවිරිදි සහය නියමුවා වන අතර, මෙම ගුවන් නියමුවන් ජීවිතක්ෂයට පත්වීම හේතුයෙන් තෙදිනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content