තිනියාවල, බොරළුහේන ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිනියාවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන බොරළුහේන පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content