ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද අලුයම නායගොස් තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රදේශයට ඊයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200ක් ප්‍රපාතයට නායගොස් ඇති බව සඳහන්.

ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවෙකු සිට නොමැති බවයි වාර්තාවන්නේ.
නිසි ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවතිම හේතුවෙන් ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැක මතුව තිබෙනවා.

WhatsApp Group

Skip to content