මෙවර අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙවර 40%කින් පමණ ගිනිකෙළි මිල ඉහල ගොස් ඇති බව සඳහන්.
පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
එමෙන්ම, ඉන්ධන මිල පහළ දැමුව ද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.