දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් සිදුව තිබෙනවා.

අනතුරින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම තවත් පුද්ගලයින් 115 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා.

අදාළ ගිනිකෙළි ගබඩාව පිහිටි ගොඩනැගිල්ලේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් අතරතුරයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

WhatsApp Group

Skip to content