ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ටී 56 වර්ගයේ ගිනිඅවිය ඊයේ රාත්‍රියේ නුගංමුව පොලිස් වසමේ දෙල්ගහ මැඩිල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩුමහලක තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙය අංකය මකාදමන ලද ටී 56 වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙක්.

WhatsApp Group

Skip to content