පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්න්නක් හේතුවෙන් නිවාස 17ක් විනාශයට පත්ව තිබෙනවා

මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය පවසන්නේ.

මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව, තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

අවතැන් වු පිරිස අතර, ගැබිණි මව්වරුන් තිදෙනකු හා මාස නයවක් වයසැති කුඩා දරුවකුද සිටින අතර අවතැන් වු සියලුම දෙනා මේ වනවිට ෂීන් වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content