අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ගින්න, අවට වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙනුයි මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත්තේ.

ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ.

අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50 ක් පමණ පවතින බැවින් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බවය පොලීසිය සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content