මොණරාගල, පල්ලේවෙල බැද්ද ප්‍රදේශයේදී ගිණි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු එම ප්‍රදේශයේ කම්මල්කරුවෙක් වන අතර, අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ගිණි අවි නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බට 03ක්, ගිණි අවි අච්චු 02ක් ඇතුළු ගිණි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සොයාගත් බව පොලීසිය සදහන් කළා.

සැකකරු අද සියඹලාආණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content