මිල සූත්‍රයට අනුව හෙට දිනයේදී  ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු විය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

පවතින තත්වය හමුවේ  හෙට දිනයේදී ගෑස් මිල වැඩිකිරීමක් සිදුකල යුතුවනවා.

කෙසේ වුවත්   එය සිදු නොකර ජනතාවට සහනයක් දීම සඳහා තම සමගම තීරණයක් ගැනීමට බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවයි  එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කලේ.

සභාපතිවරයා කියා සිටියේ ජනතාව ඉතා අසීරුතාවකින් සිටිම හේතුවෙන්   ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණද  එම මිලෙහි වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එමෙන්ම රුපියල් ශක්තිමත් වීම තුළ එහි වාසිය ජනතාවට දීමට කටයුතු කිරීමට ක්‍රියා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content