රුමේනියාවේ, ගෑස් පිරවුම් හළක් ආශ්‍රිතව සිදු වූ පිපිරීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

එම ස්ථානයේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගිනි නිවීම සඳහා එම ස්ථානයට රථ 25ක් පමණ යොමු කර තිබෙනවා.

අදාළ ස්ථානයේ තවත් ගෑස් ටැංකියක් පිහිටා ඇති අතර එය ඉතා අවදානම් මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ .

WhatsApp Group

Skip to content