කලා විද්‍යා වාණිජ  යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු විය.

මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ටේ්‍රලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක් විය. විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්,ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන්, ආචාර්යවරුන්, මෙම අවස්ථාවට එක්වීම ද විශේෂත්වයකි.

WhatsApp Group

Skip to content