සමාජ මාධ්‍ය තුල විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සංචාරක අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කිරීම අසාධාරණ බවයි.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධූර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය කරුණු බවත් අමත්‍යවරයා පවසනවා.

ඔබතුමාලට වැරදි මතයක් යනවා මේ දවස්වල ගැසට් එකක් සම්බන්දයෙන් ඒ ගැසට් එක සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඕනේ.

ඒ ගැසට් එක අයිතිවෙලා තියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයිග ලංකාවේ ක්‍රීඩා 73ටම.

ඒක ස්පෝර්ට්ස් ගැසට් එකක්ග ලංකාවේ තිබුණ නීතීය අනුව විධායක සභාවට ඕනෑම කාලයක් ඉන්න පුලුවන්ග එහෙම ඉන්න පුලුවන්කම තියනකොට තමයි අපි ඒක අවුරුදු 16ට ගෙනාවේ.

යම් කිසි කෙනෙක් අවුරුදු 16ක් විධායක සභාවේ ඉඳලා තියනවානම් සභාපතිවත් ලේකම්වත් වෙන්න බැහැග මේක ගෙනාවේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි.

එතකොට අනිත් එක තමයි ගෙනාවේ වාරය වසර 8ක් කියලාග මේක සමහරු අර්ථකථනය කරන්න හදනවා ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න අයට අවුරුදු 8ක් ඉන්න පුලුවන් වෙන්න මම හදලායි කියලා.

WhatsApp Group

Skip to content