ශ්‍රී ලාංකික සම්බවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී මහතාට කැනඩා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව ඇති බව සඳහන්.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ගේ පාර්ලිමේන්තු නව සංශෝධන යටතේ ගැරි ආනන්ද සංගරී මහතා වෙත ඔටුන්න හා ආදිවාසි සම්බන්ධතා සම්බන්ධයෙන් වන කැබ්නට් අමාත්‍යධූරය හිමිව ඇත.

කැනඩා අගමැතිවරයා විසින් කැනඩා පාර්ලිමේන්තු සංශෝධනයක් සිදුකරන අතරල එහිදි ගැරී ආනන්ද සංගරී මහතා වෙත කැබිනට් අමාත්‍ය ධූරය හිමිව ඇති බව සඳහන් කරනවා.

මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී මහතාලකැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

කැනඩාවේ පදිංචි බහුතරයක් වන දෙමළ ජනතාවගේ ගැටළු එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුවේ ගැරී ආනන්ද සංගරී මහතා හරහාය.

ගැරී ආනන්ද සංගරී මහතාගේ පියා වන ආනන්ද සංගරී මහතාද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා වර්තමානයේ කිලිනොච්චියේ පදිංචිව සිටියි.

WhatsApp Group

Skip to content