සරම්ප වැළදීම පාලන කිරීම සදහා ලබා දෙන එන්නත ගර්භණී මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

යම් කිසි හේතුවක් මත අදාළ එන්නත ලබා නොගැනීම මගින් ගර්භණී අවස්ථාවේදී මවට සරම්ප වැළදීමෙන් එය දරුවාට ද සම්ප්‍රේෂණය විය හැකි බව ඔහු කියා සිටියා.

මේ තුළින් මොළය තුළ විවිධ ආබාධ හටගැනීම්, මන්ද පෝෂණ තත්ත්වයන් හට ගැනීම ආදි භයානක රෝගාබාධවලට ගොදුරු විය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/DIPAL-PERERA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content