ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ගාසා තීරයේ ආධාර හා ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන සිග්රිඩ් කාග් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බවයි.

ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉතා ඛේදනීය වාර්තාවක් බවයි දැක්වෙන්නේ.

ගාසා තීරයේ තත්ත්වය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිළධාරිනිය වැඩිදුරත් පේනවා දෙනවා.
මේ වන විට ගැටුම් හේතුවෙන් ගාසා හි පුද්ගලයන් 41 206 දෙනෙකු මියගොස් තවත් 95 337 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content