ගාසා තීරය සහ ඊජිප්තුව අතර මායිමේ පිහිටි ෆිලඩෙල්ෆි කොරිඩෝව නමින් හැඳින්වෙන උපායමාර්ගික කලාපය සිය පාලනයට ගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
හමාස් සංවිධානය විසින් ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී ඊශ්‍රායල හමුදාව සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් සිය දේශ සීමාවේ පැවති උමං මාර්ග විනාශ කළ බව මීට පෙර ඊජිප්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබුණා.

WhatsApp Group

Skip to content