ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලියන 37ක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.
එමෙන්ම පිපිරීමට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමාණයක් ද ඒ අතර ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාකයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධානි පෙහ්ර් ලෝඩාමර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිලිවලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරීමට වසර 14ක් ගතවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.