ගාසා තීරයේ රෆා නගරය ආසන්නයේ තිබූ සරණාගත කඳවුරක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පිපිරීමත් සමග එම කඳවුර තුළ විශාල ගිනිදැල් පැතිරෙමින් පවතින බවද සඳහන්.
මේ අතර එම ප්‍රදේශයේ හමාස් සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content