ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය පළ කළ බව කටාර් රාජ්‍ය පවසා තිබෙනවා.

ඒ අනුව සටන් විරාමට දීර්ඝ කිරීමත් සමග ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර, ඒ සමගම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයන් 11 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස නිදහස් කළ පලස්තීනුවන් 33 දෙනා අතර ළමුන් 30දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බවද සඳහන්.
මේ අතර තවත් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස නිදහස් කරනු ලබන සියලුදෙනා කාන්තාවන් බවටයි වාර්තා වී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content