හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අද දිනයේදී තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් නිදහස් කිරීමට සූදානම්ව සිටියදි ගාසා තීරයේ පවතින ගැටුම් දින 6 කට නැවැත්වීමට එකඟතාවය පළ කර තිබෙනවා.

අද දිනයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබා දී ඇති බව සදහන්.

හමාස් සංවිධානය විසින් නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සදහාම සටන් විරාම දිනයක් පවත්වන බවට ඊශ්‍රායලය එකඟත්වය පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content