ගාසා තීරයේ දරුණු සටන්වලින් බේරීම සඳහා දහස් ගණන් ජනතාව දේශසීමා ආසන්නයේ පිහිටි රෆා නගරයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රෆා හි ඔවුන්ට කිසිඳු පහසුකමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සටන්වලින් බේරීම සදහා රෆා නගරයට දස දහස් සංඛ්‍යාවක් පැමිණිය ද එම නගරයෙහි ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හිඟයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දහස් ගණනකට නවාතැන් සෙවීම මෙන්ම ළමුන්ට පාසල් නොමැති වීම ද ගැටලුවක් බවයි ජගත් සංවිධානය පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ වැසියන්ට ඛාන් යුනිස් නරගයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

එහෙත් එම නගරයේ ද කිසිදු පහසුකමක් නොමැති බවයි වාර්තා වන්නේ.

ජගත් සංවිධානය පවසන්නේ ගාසා හි ජනගහනයෙන්  සියයට 80 ක්ම අවතැන් වී ඇති බවයි. 

WhatsApp Group

Skip to content