ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට තමන්  සුදානම් බව  ඊශ්‍රායල හමුදාව   ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ දැඩි ගැටුම් පවතින අතර ඉන්ධන අවසන්වීමෙන් අලුත උපන් බිළිදුන් දෙදෙනෙකු මියගොස් තවත් බිළිදුන් විශාල පිරිසක් අවදානමට ලක්ව ඇති බව  හමාස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා දේශසීමාව අද දිනයේ යළි විවෘත කිරීමට සූදානම් බව ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content