හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයේදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල සෙබළුන්ගේ හිස ගසා දමා කාන්තාවන් දූෂණය කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

මේ අතර ගාසා තීරයේ තිබූ එකම බලාගාරයේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් වසා දැමුණා.

එලෙස බලාගාරය වසා දැමීමෙන් පසුව ගාසා තීරයේ වැසියන් දිනෙන් දින වර්ධනය වන අවිනිශ්චිතතාවයකට මුහුණදී සිටින බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගාසා තීරය වට කර ඇති අතර කිසිදු සැපයුමක් ගාසා තීරයට සැපයීමට ඔවුන් අවස්ථාව ලබාදී නෑ.

ඒ හේතුවෙන් ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට අවස්ථාවක් නොමැති වීමෙන් මෙලෙස ගාසාහී බලාගාරය නවතා දැමීමට සිදව තිබෙනවා.

ජාත්‍යන්තර නීති විශේෂඥයන් පවසන්නේ මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් බවයි.

බදාදා දිනයේදී විදුලි බලාගාරය අක්‍රීය වීමත් සමගින් ගාසා තීරයේ මිලියන 2.3ක් වූ ජනතාවට විදුලිය මෙන්ම රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා සපයන අනෙකුත් පහසුකම්ද අහිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content