ගාසා තීරයේ රෝහල් වල ඉන්ධන පවතින්නේ තවත් පැය 24ක පමණ කාලයක් සදහා බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මින් පෙර සිදු නොවූ ආකරයෙන් මානුෂීය ව්‍යසනයක් නිර්මාණය වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර පලස්තීනයට සහය පළ කරන දස දහසට වැඩි පිරිසක් එක්ව ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස ඉල්ලා අමෙරිකාවේදී විරෝධතා රැළි කිහිපයක් පවත්වා තිබෙනවා.

හමාස් සන්නද්ධ කණ්ඩායම සහය දක්වන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කරන බවට අනතුරු අඟවා තිබියදීයී මෙම විරෝධතා රැළි පවත්වා ඇත්තේ.

 

WhatsApp Group

Skip to content