ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 500ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගාසා තීරයේ පිහිටි මෙම රෝහලට එල්ල වූ ප්‍රහාරය හමුවේ රෝහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, රටවල් කිහිපයක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

මේ අතර අද දිනයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content