ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් උද්ගතව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා

එහි ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පෙන්වා දෙන්නේල මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මෙම තත්වය අතිශය බරපතල වී ඇති බවයි

මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මිලියනයකට අධික ජනතාවකට ඉකුත් අගෝස්තු මාසයේදී කිසිඳු ආහාර සලාකයක් නොලැබුණු බවල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා කියා සිටිනවා

ඔහු පෙන්වාදෙන්නේල ගාසා තීරයේ මානුෂීය තත්වය ව්‍යසනකාරී තත්වයෙන් එහා සීමාවකට ගොස් ඇති බවයි

ඊශ්‍රායල හමුදාව පෝලියෝ එන්නත් වැ‍ඩසටහනට අනුබද්ධ වෛද්‍ය කණ්ඩායම් ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශවලට ඇතුළු කිරීම සම්බන්ධීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවල ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

WhatsApp Group

Skip to content