ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ දින ගාසා තීරයේ පාසලක් ඉලක්ක කරගනිමින් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගිය අතර, මියගිය පිරිසෙන් හයදෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වනවා.

මේ අනුව හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කර, මනුෂ්‍ය ඝාතනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු බවයි එහි ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අවධාරණය කර ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 41,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී 95,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content