ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ දී ජීවිතක්ෂයට පත්වූ පලස්තීනුවන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අරත ළමුන් 8,000ක් සහ කාන්තාවන් 6,200ක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
හමාස් -ඊශ්‍රායල ගැටුම පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා ආරම්භ කරනු ලැබුවා.

මෙම යුද ගැටුම් ආරම්භ කරමින් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 1,140ට ආසන්න පිරිසක් ජීවිතක්යට පත් වුණා.

ඒ අනුව ඊශ්‍රායලය විසින් ඊට ප්‍රති ප්‍රහාර ගුවනින් සහ ගොඩ බිමින් එල්ල කිරීම ආරම්භ කළ අතර, මේ වන විටත් ඒ ආකායෙන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content