ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී තිබෙනවා.

අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු මේ පිලිබඳ ප්‍රකාශ කල බවයි  අල් ජසීරා පුවත් සේවය නිවේදනය කර ඇත්තේ..

කෙසේ වෙතත් අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි.

මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන්  පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් වැඩි පිරිසක් ළමුන් බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content