ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යලිත් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවී තිබූ අතර මේ හේතුවෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත්වී සිටින ගාසා තීරයේ ජනතාවට බාහිර ලෝකය සමග තිබූ සබඳතාවන් ගිලිහී ගොස් තිබුනා.

කෙසේවෙතත් මේ වනවිට ගාසා තීරයේ බොහෝ ප්‍රදේශවල දුරකථන හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර ඇති බවයි පලස්තීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content