ගාසා තිරයේ වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

ස්පාඤ්ඤයට අයත් මෙම නෞකාව ගාසා තීරයට ආසන්නම යුරෝපා සංගමයේ රට වන සයිප්‍රසයෙන් පිටත් වීමට නියමිතයි.
එය අලුතින් විවෘත කරන ලද නැව් මාර්ගයක් භාවිතා කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයේ අභිමුව සිටින අතර ළමයින් කුසගින්නෙන් මිය යන බවයි.

WhatsApp Group

Skip to content