ගාසා හි විශාලතම රෝහල් සංකීර්ණයට ඊශ්‍රායල සෙබළුන් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

එම රෝහලේ රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම අද අලුයම අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල හමුදාව පියවර ගත්තා.

කෙසේ වෙතත් එම රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණ දෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතු`ඵ පර්ශව විසින් චෝදනා කර තිබුණා.

ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි ඊශ්‍රායලය සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content