ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට අද දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි .
මේ අතර ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර පාන අලෙවිය සිදුකරන වෙළෙඳුන් නියාමනය සඳහා පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළෙඳුන්ට පමණක් ගාලු මුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවසර ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

එහි අලෙවිකරනු ලබන ආහාර පානවල පිරිසිදුතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ජනතා පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content